මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් ඉංජිනේරු පීඨයේ සිසුන් විසින් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් එම ආයතන පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස සිසුන් 4 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බව වාර්තා වේ.
මේ අනුව ඉංජිනේරු පීඨයේ සිසුන් දෙදෙනෙකුට වසර දෙකක පන්ති තහනමක් ද තවත් සිසුන් දෙදෙනෙකුට වසරක පන්ති තහනමක් ද ලබා දී ඇත.
පසුගියදා අදාළ පීඨයට ඇතුළත්වන නවක සිසුන් පිළිගැනීම සඳහා සිසුන් විසින් ප්‍රදර්ශන පුවරුවක් සකස්කර ඇති අතර කිසිඳු සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමකින් තොරව එම පුවරුව ඉවත්කිරීමට පරිපාලනය කටයුතු කර ඇත. පසුව අදාළ ඉවත්කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙදී පුවරු ප්‍රදර්ශනයට අවසර ලබා නොගැනීම වරදක් ලෙස පෙන්වා දී තිබු අතර පවසන පරිදි අවසර ලබා ගැනීම සඳහා ආයතන කළමනාකරණ අධ්‍යක්ෂවරයා හමුවීම සඳහා සිසුන් පැමිණි විට අධ්‍යක්ෂවරයා විසින් අදාළ පුවරුවේ වර්ණය, අකුරුවල හැඩය සහ විශේෂයෙන්ම සහෝදරත්වය යන වචනය යෙදීම පිළිබඳ දැඩි ලෙස සිය විරෝධය පළකරමින් සිසුන්හට තර්ජනාත්මකව බැන වැදී ඇත. තවද අදාළ පුවරුව නැවත ප්‍රදර්ශනයට ඉඩ නොදෙන බවත් සිසුන්ට එරෙහි අදාළ චෝදනාව සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ අනවශ්‍ය බවත් අධ්‍යක්ෂවරයා පවසා ඇත.
මෙම ආයතනයේ පවතින අධ්‍යන හා සුභසාධන ගැටළු නොවිසදීම ට එරෙහිව පෙනී සිටීම හේතුවෙන් මෙලෙස ආයතන පරිපාලනය විසින් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව ද්වේශසහගත ලෙස ක්‍රියාකරන බව සිසුන් දැඩිව චෝදනා කරයි.
මෙවන් ආයතන සතු අවම නිදහස පවා අහෝසි කරමින් අතිශය අසාධාරණ ලෙස SLIIT පරිපාලනය කටයුතු කරමින් සිටින බව මේ තුලින් පැහැදිලිවන අතර අධ්‍යාපනය ලබා දෙන බව පවසමින් අධ්‍යාපනයෙන් පිටමන් වූ වහල් මානසිකත්වයෙන් යුත් රොබෝවරුන් නිපදවීම වෙනුවෙන් පමණක් ඔවුන් කටයුතු කරන බව මෙවන් සිදුවීම් හරහා වඩාත් හොදින් තහවුරු වේ.
නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් සකස්කරන ලද ප්‍රදර්ශන පුවරුව