ඉහළ පෙළේ වංචා නඩු අහන විශේෂ මහාධිකරණය 15 වැනිදා සිට ක්‍රියාත්මකයි !

ඉහළ පෙළේ ප්‍රභූන්ගේ වංචා දූෂණ පිළිබද නඩු කටයුතු සදහාම පිහිටුවන ලද විහේෂ මහාදිකරණය ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක රන බව පරිසර නියෝජ්‍ය අැමති අජිත් මාන්නප්පෙරුම පවසයි.

යහපාලන අාණ්ඩුවේ පොරොන්දුවක් ලෙස දේශපාලන බලවතුන් හා ඉහළමට්ටමේ නිලදාරින් විසින් සිදුකරන වංචා සම්බන්ධ නඩු විභාග කරනු පිණිස පිහිටුවන ලද මෙම අධිකරණය විසින් “මුල්‍ය අපරාධ විමර්ශන ඒ්කකයේ” විමර්ශන අනුව ගොනුකරන නඩු විභාගයට ගනු අැත.  මුල්‍ය විශුද්ධිකරණය, අල්ලස් හා විශාල පරිමාණ මුල්‍ය අපරාධ, දේපළ අවභාවිතය සහ රාජ්‍ය සේවකයන්ගේ විශ්වාසය සාපරාධි ලෙස බිද දැමීම යන  චෝදනා නැගුණු අවස්ථා 335ක් සම්බන්ධයෙන් පැමිනිලි ලැබී අැති අතර ඒයින් මුල්‍ය අපරාධ විමර්ශන ඒ්කකය විසින් විමර්ශන වාර්තා 99ක් ගොනුකර අැත. මෙම නඩුවලින් 15කම චූදිතයන් මෙම විශේෂ අධිකරණයේදි නඩු විභාගයට මුහුණ දෙනු අැත.

Chandana Sirimalwatte :