ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බව පවසමින් ආණ්ඩුව නීතිගත කිරීමට නියමිත ‘ප්‍රති ත්‍රස්ත පනත’ වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද(11) දින වෙනසක තාරුණ්‍ය සංවිධානය කොළඹ කොටුව බෝ ගහ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැළුණි.
මර්දනකාරී ‘ත්‍රස්තවාදය වැළක්වීමේ පනත’ අහෝසි කරන බව පවසා ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කිහිපයක් නිතී ගත කිරීමට ආණ්ඩුව කටයුතු සුදානම් කර ඇති බවත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මෙන්ම නිතී ගත කිරීමට නියමිත නව ත්‍රස්ත විරෝධී පනතද වහා හකුලා ගන්නා ලෙස බල කරමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුව සුභ සාධනවාදී වියදම් වලින් ක්‍රමානුකුලව ඉවත් වෙමින් තිබෙන අතර එම අත්තනෝමතික ක්‍රියාවලීන්ට එරෙහිවන බලවේගවලට එරෙහිව සිය මර්දනය තීව්‍ර ලෙස මුදා හැරීමට හැකිවන ලෙස මෙම නව පනත් කෙටුම්පත් කර ඇත. ප්‍රති ත්‍රස්ත පනත මෙන්ම ‘සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත’ සහ ‘අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ පනත’ද එකිනෙකට සම්බන්ධිතව අදාළ උවමනාව මත නීතිගත කෙරෙන බවද පැහැදිළිය.