தமிழ்
English
Contact
Friday 3rd May 2019    
පළාත්පාලන මැතිවරණයේදී පම්පෝරි ගැසූ ටැබ් බෙදීම ජනාධිපති නියමයෙන් නවතා දමයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන මැතිවරණයේදී පම්පෝරි ගැසූ ටැබ් බෙදීම ජනාධිපති නියමයෙන් නවතා දමයි !



පළාත්පාලන මැතිවරණයේදීද ඡන්ද අාකර්ෂණයට යොදාගෙන පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමි වූ සිසුන්ට නොමිලයේ පරිඝනක ටැබ් ලබාදීමේ සැලසුම, අත්හැර දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර අැත.

2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද මේ දක්වා ක්‍රියාත්මක නොකර ඡන්ද පොරොන්දුවක්ද වී මෙසේ නවතා දැමුණේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවය. රුපියල් බිලියන 4ක් වැය කිරීමට අපේක්ෂිතවූ එම ව්‍යාපෘතියට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට නියමිතව තිබිණි.

ඊයේ(20) කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී, රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය ද එකඟවී තිබේ. ටැබ් පරිඝනක යන්ත්‍රයක් රුපියල් 27,000 බැගින් වූ මිලකට සැපයීමට අවශ්‍ය කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අවශ්‍ය සමාගමට ද පසුගිය කැබිනට් මණ්ඩලයේදී  අනුමැතිය ලැබුණු බව අාණ්ඩුවේ අාරංචි මාර්ග සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල අනුව, මෙවන් තාක්ෂණික වැඩසටහන්, වයිෆයි මිනිසුන්ගේ මුලික ඉල්ලීම් නොවන බව පවසමින් බහුතර ඇමතිවරුන්ගේ  ඒකගතාව ජනාධිපතිවරයාගේ තීරණයට ලැබී අැත.