සැකකරුවකු මිය යාම නිසා සැක පිට පොලිසියේ තිදෙනකු ස්ථානමාරු කරයි

මීගමුව බන්ධනාගාරය තුළ දී සැකකරුවකු මියයාම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් තිදෙනෙකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදෙන ලදී.

මේ අනුව දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු  වහාම ක‍්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත මාරු කර ඇත. මෙම මරණය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරනු ලද විමර්ශන අනුව සැකකරු දිවුලපිටිය පොලිස් ස්ථානය මඟින් සොරකමක් සම්බන්ධයෙන් අදාළ සැකකරු පසුගිය 03 වන දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම සැකකරු ශරීර අභ්‍යන්තරයේ ඇති වු බහුවිධ තුවාල හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ සැකකරුවෙකු මිය ගොස් ඇත.

ඊයේ(04) රාත්‍රී 8.40 ට පමණ මීගමුව රෝහලේ පොලිස් මුරපොලෙන් මීගමුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි වයස අවුරුදු 50 ක් වයසැති කයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නැමති පුද්ගලයා මෙලෙස මියගොස් ඇත.

සැකකරු මීගමුව බන්ධනාගාරයෙන් රැගෙන ඒමෙන් පසුව බන්ධනාගාරයේ වාට්ටු 2 වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදින රාත්‍රීයේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මීගමුව රෝහල වෙත රැගෙන යෑමෙන් අනතුරුව මෙලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

Chandana Sirimalwatte :