අාණ්ඩුව පැනවූ අසාධාරණ බදු සම්බන්ධ විරෝධය නිසා අාණ්ඩුව පියවරක් පසුපසට ගනී !

අාණ්ඩුව විසින් පනවන ලද බදු සම්බන්ධ උග්‍ර විරෝධයක් ඒල්ල වූ පසුව ඒම බදු අතරින් කිහිපයක් ලිහිල් කරන්නට අාණ්ඩුව තීරණය කර තිබේ.

ඒ් අනුව, ඉතිරි කිරීමේ ගිණුම්වල පොලිය මත 5%ක බද්ද ළමා ඉතුරුම් ගිණුම්වලින් ඉවත් කරනු ලබන අතර ලේඛකයන්ට පොත් ප්‍රකාශනයෙන් ලැබෙන කර්තෘභාගය වෙනුවෙන් අය කළ බද්ද සංශෝධනය කිරීමටත් තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි. අවුරුදු 18 දක්වා ළමුන්ගේ ගිණුම්වල පොලිය මත අයකළ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන බවද කොළඹ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මුදල් ඇමතිවරයා කීවේය. ඒසේම කර්තෘවරුන්ට ලැබෙන කර්තෘභාගය මාසිකව 50,000දක්වාද වසරකට ලක්ෂ 5 දක්වාද බද්දෙන් නිදහස් කෙරේ.

මේ වනවිට රජයේ බදු අාදායමින් 88%ක් සාමාන්‍ය ජනයාගෙන් අයකරන වක්‍ර බදුවලින් උපයා ගන්නා අතතර 12%ක් පමනක් ව්‍යාපාරිකයන්ගෙන් ඒනම් ඍජු බදු ලෙස අයකරයි. අසාධාරණ බදු සම්බන්ධ සමාජ කතිකාවක් සහ සාමුහික විරෝධයක් ගාෙඩනැගීමේ අවශ්‍යතාව වාමාංශික පක්ෂ විසින් අවධාරනය කරනු ලැබූ අතර වෘත්තිය සමිති අැතුළු බහුජන සංවිධානද හඩ නගන ලදී. ඉදිරියටද බදු සම්බන්ධ අරගලයකින් මිස අාණ්ඩුව ජනතාව මත පටවා අැති අසාධාරණ බදු අහෝසි කිරීම පහසු නොවනු අැත.

Chandana Sirimalwatte :