සිංහරාජ අලි වෙනුවෙන් විරෝධය පළ කළ පරිසරවේදීන්ට මැර තර්ජනයක්!

සිංහරාජ වනයේ ජිවත්වන දුර්ලභ තෙත් කලාපීය අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට පිටුවහල් කිරීමට ඒරෙහිව ප්‍රදේශයේ පරිසර හිතකාමි ජනතාව සහ පාරිසරික සංවිධාන විසින් අද (17) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

මෙම අතිශය දුර්ලභ අලින් සිය වාසභූමියෙන් ඉවත් නොකර අලින්ගේ සහ ගම්වාසීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට යාන්ත්‍රනයක් අැති කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව රක්වාන, රඹුක මංසන්ධියේදීය. කෙසේවෙතත් මෙම සාමකාමී විරෝධතාවයට මැර කණ්ඩායමක් පැමිණ තර්ජනය කර එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරණ ලදී.
මෙම විරෝධතාව කඩාකප්පල් කිරීමට දැව ජාවාරම්කරුවන් හා කසිප්පු ජාවාරම්කරුවන් කලවාන ප්‍රදේශයේ දේශපාලකයකු විවිධ ක්‍රියාමාර්ග ගෙනතිබුණි. විරෝධතාව ආරම්භයේ පටන්ම ඊට සහභාගිවන්නට පැමිණි ජනයාට සහ සංවිධායකයන්ට විවිධ බලපෑම් එල්ල කරන ලද බවට එම පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෑකඳවල රාහුල හිමියෝ ජනමාධ්‍ය වෙත පැවැසූහ.

Chandana Sirimalwatte :