වාණිජ්‍යමය අරමුණින් දුම්රිය මඟින් සිදු කරන භාණ්ඩ ප්‍රවාහනය සඳහා අය කෙරෙන ගාස්තු 50%කින් ඉහළ නැවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.
ඊයේ(22) දිනයේ පැවති අමාත්‍ය මණ්ඩල කමිටුවේදී මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී මෙම ගාස්තු වැඩි කිරීම කඩිනමින් බලාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පැවසේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබුණි.