US Open ටෙනිස් තරගාවලිය අගොස්තු මස 27 වැනිදින සිට ලබන මස 09 වැනිදින දක්වා පුරා සති දෙකක කාලයක් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ෆුලිෂින් මෙඩොවුස් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර ඊයේ තරග ආරම්භවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ ආරම්භ වූ කාන්තා අංශයේ පළමුවටයෙන්ම ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස සැලකෙන සිමෝනා හෙල්ප් පරාජය කිරීමට එස්තොනියානු ක්‍රීඩිකා කයියා කෙනපි සමත්වූවාය.
කයියා කෙනපි විසින් තරග වට 6-2 හා 6-4 ලෙස සිමෝනා හෙල්ප් පරාජය කිරීමට සමත්වීම මෙවර තරගාවලියේ පළමු දිනය තුල සිදුවූ පෙරළිකාරම සිදුවීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරති.
මෙම ශූරතාවය දිනාගනු ලබන ක්‍රීඩකයාට අතිවිශාල මුදල් සම්භාරයක් හිමිවන අතර සමස්ත තරගාවලිය සදහා ක්‍රීඩකයින් හට ලබා දෙන මුදල ඩොලර් මිලියන 50.4ක් දක්වා වැඩි කිරීමට එක්සත් ජනපද ටෙනිස් සංගමය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ලොව ප්‍රධානතම ටෙනිස් තරගාවලියන් අතරින් වැඩිම ත්‍යාග මුදල් ලබා දෙන තරගාවලිය ලෙස ඹී ධචැබ ටෙනිස් තරගාවලිය පත්වේ.
මෙම තරගාවලියේදී පිරිමි හෝ කාන්තා ශූරතාවය දිනා ගන්නා අයෙකුට ලැබෙන මුදල ඩොලර් මිලියන 3.7කි. අනුශුරතාවය දිනාගන්නා අයෙකුට ලැබෙන මුදල ඩොලර් මිලියන 1.8කි.