ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පනත් කෙටුම්පත විවාදයට ගැනීම ආරම්භ කළේ ය. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි නිවේදනය කළේ ය.