රථවාහන සමග දුම්වැටි බදුත් ඉහළ දැම්මේ දුම්බීම පාලනය කරන්නලු!

දුම්වැටි සහ මෝටර් වාහන සඳහා පනවන නිෂ්පාදන බදු අද(01) සිට බලාත්මකවන පරිදි ඉහල දමන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය  නිවේදනය කරයි.

මේ වන විට ආණ්ඩුව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුවෙන් වරින්වර භාණ්ඩ හා සේවාවන්වල මිල දමමින් එහි සම්පුර්ණ බර වැඩකරන ජනතාව වෙත පටවමින් සිටින බව ඉහළ දමමින් සිටින බදු ගෙවීමට සිදුවන පිරිස් අනුව පැහැදිලිව දක්නට ලැබේ.

ජනතාවට මෝටර් රථ සිහින පෙන්වමින් බලයට පැමිණි වත්මන් හවුල් ආණ්ඩුව මේ වන විට අදාළ සිහින විකුණා සිය පැවැත්ම තහවුරු කර ගැනීමට කටයුතු කරමින් ඇත. කොපමණ බාධා පැමිණියත් බදු ඉහල දමා දුම්පානය අවම කරන බවට පවසා ව්‍යාජ විරෝධයක් සමාජගත කරමින් දුම්පානයෙන් සාමාජය මුදවාගන්නා බවට ශපථ කරමින් සිටින ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සිය ආර්බුදය වසා ගැනීම වෙනුවෙන් කෙසේ හෝ අදායම් ලබා ගැනීමට පමණක් මෙලෙස අදාළ බදු ඉහල දමන බව මෙම නිවේදනය හරහා වඩාත් හොදින් තහවුරු වේ.

 

 

Lahiru Umayangana :