Posted on 07.29.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
Jul 29, 2022 08:29 am සිවිල් හැඳගත් පුද්ගලයන් කණ්ඩායමක් විසින් ජූලි 27 වැනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට බස් රථයකදී බලයෙන් පැහැරගත් නිදහස් මාධයවේදියකු වන ඇන්තනි වෙරංග පුෂ්පික සිල්වා අගෝස්තු 9 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත.
රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙසද අවිශිබම ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ලෙසද කලක් කටයුතු කර ඇති වෙරංග පුෂ්පික පැහැරගෙන යාමෙන් පසුව, ඔහුගේ ඥාතීන්ට හා සමීප මිතුරන්ට ඔහු සිටින ස්ථානයක් සොයාගත නොහැකිව පොලිසියෙන් කළ විමසීම්වලදී සත්‍ය හෙළි නොකර සිටින තත්වයක් තිබුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පොලිසියේ විවිධ නිලධාරින් ඔහු සිටින ස්ථානය නිවැරදිව වාර්තා කිරීමට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.
මහරගම පොලිසියේ රඳවා සිටින ව කීවද අවසානයේ ඔහු ඉදිරිපත් කරන ලද්දේ කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා වෙතය.
‘අනිද්දා’ ප්රවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු වශයෙන් ද සේවය කර ඇති වෙරංග පුෂ්පික සිල්වා පැහැරගැනීමෙන් පසුව, කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා සිටි බව පසුව අනාවරණය විය.
නිදහස් මාධ්‍යවේදි වෙරංග පුෂ්පික කොටුව පොලිසියේ – නීතිඥ සහාය ලබාගැනීමට ඉඩ නොදී රඳවා ගනී
Jul 28, 2022 10:29 pm නිදහස් මාධ්‍යවේදියකු ලෙසද හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ලෙසද ප්‍රසිද්ධ වෙරංග පුෂ්පික පැහැර ගෙන යාමෙන් පසුව, කොටුව පොලිස් ස්ථානයේ නීති විරෝධී අන්දමින් රඳවා සිටින බව දැනගන්නට ඇත.
අද දින පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදය පැවැත්වෙද්දී මේ ආකාරයට අනීතික ලෙස බස්රථයකදී පැහැර ගෙන ගිය ඔහු පිළිබඳ කිසිදු විධිමත් තොරතුරක් ලැබි තිබුණේ නැත. අත්අඩංගුවට ගැනීමේදී ඥාතීන්ට දැනුම්දීම ආරක්ෂක නිලධාරින්ගේ නෛතික වගකීමක්වන අතර එවැන්නක් සිදුනොවීම බිහිසුණු අරාජික තත්වයකි. නීතිඥ සහාය ලබාදීමට හෝ වෙනත් කිසිදු විපතක් නැතිව සිටීදැයි දැනගැනීමට හැකියාවක් නොලැබීම නිසා නිසා ඔහුගේ සමීපතමයන් මහත් පීඩාවකට පත් වූහ.
ගාලුමුවදොර අරගලයේ ක්රියාකාරිකයකුවන වෙරංග බස් රථයක ගමන් කරද්දී අද දහවල් අනීතික ලෙස පැහැරගෙන යාමෙන් පසුව රඳවා තැබූ ස්ථානයක් නොදැන සිටීම මින් පෙර පැවති භීෂණ සමයන්හි හා යුද සමයේ මානුෂ්‍යත්වයට එරෙහි තත්වය හා සමාන බව සමාජ ක්‍රියාකාරිහු පෙන්වා දෙති.