Posted on 07.27.2022 by Sajith Saranga in ප්‍රධාන පුවත with 0 Comments
පැහැරගෙන ගොස් ඇත්තේ GC-0342 දරණ නිල් පැහැති ජීප් රථයෙන්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරි සාමාජික, රුහුණ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, මාධ්‍යවේදී වේරංග පුෂ්පික අද දහවල් කොටුව කම්කරු උද්ඝෝෂණය අසලදී නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇත. වේරංග පුෂ්පික පැහැරගනු ලැබුවේ අංක GC 0342 දරණ නිල් පැහැති ජීප් රථයකිනි.
මෙසේ පැහැර ගැනීමට ලක් වූ වේරංග පුෂ්පික අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන අතර, ගෝල්ෆේස් අරගලය වෙනුවෙන් කැපවී ක්‍රියාකළ අයෙකි. එමෙන්ම ඔහු අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකි.