ආණ්ඩුව හදුන්වා දුන් නව දඩ පත්‍රිකාව සම්බන්ධව විරෝධය දක්වන පෞද්ගලික බස් සේවකයන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම මේ දිනවල පවතින උසස් පෙළ විභාග කටයුතු අවසන් වු පසු තීරණය කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව පැවසුවේ අද(16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් යැයි ආණ්ඩුවෙන් නෙ ආ නව දඩ පත්‍රිකාවේ යම් යම් පිලිගත නොහැකි කරුණු පවතින බව පිළිගන්නා ඔහු එයට එරෙහිව අද පැවති වැඩ වර්ජනය සම්පුර්ණයෙන් අසාර්ථක බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් පෞද්ගලික බස්රථ සෙවක සංගම් 06 ක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහ අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයත් එක් වූයේ නැත.