Posted on 07.29.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
උතුරු කොරියාව ඇ. එක්සත් ජනපදයට පහරදිය හැකි අන්තර් මහාද්වීපක බැලස්ටික් මිසයිලයක් ඊයේ සාර්ථකව අත්හදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව ඉදිරියේදී උතුරු කොරියාව විසින් සිය ආරක්ෂක උපායමාර්ගික වැඩ පිළිවෙළේදී ප්‍රහාරයන් සදහා ඇ. එක්සත් ජනපදය සෘජුවම ඉලක්ක කර ගැනීමේ හැකියාව අත්පත්කර ගනු ඇත. විශේෂයෙන් ඇ. එක්සත් ජනපදය හා දකුණු කොරියාව හා ජපානය යන රටවල් විසින් උතුරු කොරියාව වෙත දැඩි මිලිටරිමය බලපෑම් දශක ගණනාවක සිට දිගින් දිගටම එල්ල කරනු ලබයි.
මෙම පීඩනය දැන් ඇ.එක්සත් ජනපදයටද දැඩි ලෙස දැනෙනු ඇත. මේ වන තෙක් උතුරු කොරියාවට සෘජුවම එක්සත් ජනපදය වෙත යම් ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව නොතිබුනි.
මෙම නව මිසයිලය සාර්ථකව අත්හදා බැලීමත් සමග මුළු එක්සත් ජනපදයම උතුරු කොරියානු මිසයිලයන්හි ඉලක්කයන්ට හසුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.