Posted on 10.19.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
මෝල්ටා රාජ්‍යයේ සිදුවන වංචා, දූෂණ හෙළිකළ ගවේශණාත්මක පුවත්පත් කලාවේදීනී ඩැෆ්නි කරුවානා ගැලිසියාගේ මෝටර් රථයට බෝම්බයක් අටවා පුපුරවා හැරීමෙන් ඇයව ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය කාලයේ ඉමහත් ප්‍රසිද්ධයට පත් පැනමා පේපර් හි තිබූ සිය රටේ ඉහළම දේශපාලන බලධාරීන්ගේ තොරතුරු හෙලිකිරීමෙන් පසුව මෙම ඝාතනය සිදුකර තිබේ. ඇයගේ මෙම හෙළි කිරීම් හේතුවෙන් මෝලිටාවේ වත්මන් අගමැති ජෝශප් මුස්කැට් සහ ඔහුගේ සමීපතමයින්ගේ නීති විරෝධී ගණුදෙනු කරුණු සහිතව හෙළිකළාය.
ඇයගේ මෙම ක්‍රියා කළාපය හේතුවෙන් මොල්ටා බලධාරීන් විසින් පසුගිය කාලයේ සිදුකළ වංචා දූෂණ හෙළිකිරීම නැවැත්වීමේ අරමුණෙන් ඇයව මෙසේ ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය හෙලිකර ඇත.
මාධ්‍යවේදිනියක ලෙස ඩැෆ්නි සිය කාර්යයභාරය මොල්ටාව තුලත් ඊට අමතරව ඇයගේ බ්ලොග් අඩවියද යොදා ගනිමින් සිය හෙළිකිරීම් ලොවටම අනාවරණය කළේය.
