සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආයෝජකයන් එනවා – සෞඛ්‍ය අමාත්‍යංශය
Posted on 03.15.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෞද්ගලික අංශය මුල් කරගත් සෞඛ්‍ය සේවාවේ නව රෝහල් ආරම්භ කිරීම, රෝහල් සංවර්ධනය කිරීම, ඖෂධ නිෂ්පාදනය සහ ශල්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා විදේශීය ආයෝජන ව්‍යාපෘති 23 ක් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එම නව ආයෝජන යටතේ කටයුතු කිරීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය එකගතාව පළ කර ඇත. සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය සියළු උපකරණ පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීමට මලයාසියානු සමාගමක් එකඟතාව පළ කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ යටතේ ඉතා වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අවශ්‍යතා ඇතිවුන් සදහා මිලදී ගැනීමට හැකියාව උදා වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර මෙරට ශල්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉඳි කිරීම සඳහා චීනයේ වෛද්‍ය ශල්‍ය උපකරණ නිෂ්පාදන සමාගමක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ සාකච්ඡා කර ඇති බවද අමාත්‍යාංශ ආරංචි වාර්තා කළේය.