Posted on 02.17.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෙබරවාරි 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය කඩකර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ඒ සදහා මාර්තු 8 දක්වා සහන කාලයක් ලබා දී ඇත.
මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස දන්වමින් නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (16) නියෝග කළාය.
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නිකුත් කළ නියෝගය ගැන තම පියා දැන සිටි බව අර්ජුන් මහේන්ද්‍රන්ගේ දියණිය අංජලී මහේන්ද්‍රන් සීඅයිඩියට ප්‍රකාශ කර ඇත. අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝඳාගොඩ මෙම කරුණු අධිකරණයට දන්වා සිටියේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි 15වැනිදාට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිටින ලෙසට ලබාදුන් නියෝගය අන්තර්ජාතික පොලිසියේ සිංගප්පුරු ශාඛාව වෙත ලබාදීමට නොහැකි වී ඇතැයි ද මෙහිදි අධිකරණයට දැනුම් දෙන ලදී.