தமிழ்
English
Contact
Tuesday 27th February 2018    
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට !



මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේතුව පවසයි.

විවිධ චෝදනා යටතේ බන්ධනාගාරගත කෙරෙන දේශපාලකයන් හදිසියේ රෝගාතුරව බන්ධනාගාර රෝහලේ ලැගුම් ගෙන නිදහස්වන තුරුම ඒහි වාසය කරන තත්වයක් මහින්ද රාජපක්ෂ පාලන සමයේ පවත්වා ගෙන යන ලදී. ඒය වත්මන් හවුල් අාණ්ඩුව විසින්ද ඉදිරියට ගෙන යාම සිදු විය.  වත්මන් අාණ්ඩුව යටතේ සිදුවු බැදුම්කර වංචාව සම්බන්ධ චෝදනා නගමින් බන්ධානාගාගත කළ අර්ජුන් අැලෝසියස් හා කසුන් පළිහේන වෙතද ඒම වරප්‍රසාදය හිමි කර දී අැත.