Posted on 02.08.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු මුදල් ඇමති රවි කරුණනායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලැස්මක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නට වන බවට අපගේ විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.
මහ බැංකු බැදුම්කර ගනුදෙනුව යටතේ අල්ලස් චෝදනා එල්ලවී ඇති රවි කරුණානායක මෙලෙස අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාර ගතකිරිම එළඹෙන පළාත් පාලන මැතිවරණයට කලින් සිදු කිරිමට ආණ්ඩුවේ ප්‍රබලතම පුද්ගලයකු විසින් සැලසුම් කර ඇත. ඊයේ (07) මධ්‍යම රාත්‍රියෙන් පසුව පුර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන බැවින් ඉන් අනතුරුව චූදිත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිම තුලින් මැතිවරණයේදී අනිසි වාසියක් ලබාගැනිමට උත්සාහ කරණ බවද මැතිවරණයෙන් පසුව ඔහු නිදහස් කරනු ඇති බවටද එම ආරංචි මාර්ග පවසයි.
මහා බැංකු බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබාදුන් මහල් නිවසක් පරිහරණය සම්බන්ධයෙන් රවි කරුණානායකට මෙලෙස චෝදනා එල්ලවී ඇත. බැදුම්කර විමර්ශන වාර්තාවේ හිටපු මුදල් ඇමතිවරයාගේ නම කියැවෙන අවස්ථා සියයකට ආසන්න වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් එම දූෂිත ගනුදෙනුවේ ප්‍රධානින් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සහ විමර්ශනයේදී සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී ඔහු බොරු සාක්ෂි ලබාදී ඇති බවද සනාථ වී ඇත. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වනවිට මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ මෙන්ම ජවිපෙ ඇතුළු විපක්ෂ මැතිවරණ ප්‍රචාරයේ වැඩි අවධානය බැදුම්කර වංචාව හරහා ආණ්ඩුවේ ඡන්ද කැඩීම වෙත යොමුවී තිබුනු බැවින් මෙවැනි උපක්‍රමික පියවරකින් ආණ්ඩුවේ පාර්ශ්ව වාසි ලබාගන්නට සූදානම්වන බව අපගේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.