Posted on 03.09.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව සදහා ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබා දුන් කාලය ඊයේ (8) අවසන් විය.
මහ බැංකුවේ අධිපති තනතුර ලබාගන්නා අවස්ථාවේ නිල අවශ්‍යතා සදහා ඔහු විසින් ලබාදී අැති විස්තර අනුව සිංගප්පූරුවේ පිහිටි ඔහුගේ නිවසට පසුගිය අවස්ථා කිහිපයකදීම නොතිසි යවන ලදී. ඉන්පසුව අමතර වශයෙන් ජාත්‍යන්තර හදිසි තැපැල් ෙස්වා මගින්ද නොතීසි යවා තිබිණි. ඉන්පසුව හිටපු මහබැංකු අධිපතිවරයා විසින් භාවිත කළ ජංගම දුරකථනය අැතුළු සන්නිෙව්දන උපකරණවලට පනිවුඩ යවා අැති අතර මහේන්ද්‍රන්ගේ දියනියටද ඒම අධිකරණයට අදාළ කරුණු දැනුම් දී අැත. සාමාන්‍යයෙන් වංචාකාරි පුද්ගලයකු නොවන්නේ නම් තමන් පදිංචිය ප්‍රකාශ කළ නිවසට ලැබෙන ලිපි සදහා ප්‍රතිචාර දැක්විය යුතුය. නොඒසේනම් පදිංචිය වෙනස්කරන අවස්ථාවල ඒ් බව අදාළ නිල ලේඛනවලට ඒකතු කළ යුතුය. හිටපු මහබැංකු අධිපතිවරයා විසින් නිල වශයෙන් කළ යුතු ඒම දැනුම්දීමක් ලෙස ඒවැනි ලිපිනය වෙනස්වීමක් පිළිබද හෝ වෙනත් පිළිතුරු දීමක් මේ දක්වාම සිදුකර නැත. පසුව හදිසි තැපැල් සේවාවේ සිංගප්පූරු නියෝජිතයකු හරහා අර්ජුන් මහේන්ද්‍රන් බලධාරින්ට දන්වා තිබුණේ පෙබරවාරි මාසය තුළ සිංගප්පූරු නිවසට යළි පැමිණෙන් බව දක්වා තිබුණද මාර්තු මස ෙදවන සතිය දක්වාම ඒම පොරොන්දුව ඉටු කිරීමට ඔහු අසමත් විය. මෙම තත්වය තුළ අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදන නිකුත් කිරීමේ පයිවර අනුගමනය කළ යුතු බවට නීත් අංශවල මතය වී තිබේ. අධිකරණය මග හැර යන විදේශගත පුද්ගලයකු සම්බන්ධව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් නීතිමය පියවර ගැනීම සදහා ඒවැනි රතු නිවේදනයක් අධිකරණය විසින් නිකුත් කිරීම අවශ්‍යව අැත.