Posted on 01.24.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රතු පස්වලදී වෙඩි තබා තරුණයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් හතරදෙනා යළි හමුදා සේවයේ පිහිටුවා ඇත.
අදාල නඩුව අද(24) ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙ බව අනාවරණය විය. රතු පස්වලදී වෙඩි තබා තරුණයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දෙන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ යුද හමුදා බ්‍රිගේඩියර්වරයා ඇතුළු සිව්දෙනා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ. මාර්තු මස 28 වනදා නඩුව යළි කැදවන විට අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කෙරුණි. නඩු ගොනුවේ උධෘත නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසද ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මාර්තු 28 වනදා ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරණ ලදී.
පිරිසිදු පානීය ජලය ඉල්ලා 2013 අගෝස්තු මස 01 වනදා රතුපස්වල වැසියන් විසින් වැලිවේරිය නගරයේ කළ සාමකාමී විරෝධතාවකට යුද හමුදාව විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තරුණයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූහ.
