தமிழ்
English
Contact
Sunday 22nd April 2018    
ජනාධිපති සහ අගමැති මැතිවරණ නීති කැඩීමේ උත්සාහය වැළකුණේ මැතිවරණ කොමිසමේ නියෝගයෙන් ! « Lanka Views | Views of the truth

ජනාධිපති සහ අගමැති මැතිවරණ නීති කැඩීමේ උත්සාහය වැළකුණේ මැතිවරණ කොමිසමේ නියෝගයෙන් !



මැතිවරණයට බලපෑම් කරමින් රජයේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කරන්නට නියමිත වූ ජනාධිපතිගේ සහ අගමැතිගේ ප්‍රකාශ දෙකක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මැදිහත්වීම මත අවලංගු කළ බව වාර්තා වේ.
මැතිවරණ දිනයට පෙර දින එනම් ඊයේ(09) විද්‍යුත් මාධ්‍ය භාවිත කරමින් මෙසේ සිය පාර්ශ්වයන් වෙත වාසිදායක ප්‍රචාරයක් ගන්නට ආණ්ඩුවේ ප්‍රමුඛ නායකයන් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා තිබුණු බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත්තේ මැතිවරණ නිරික්ෂණ සංවිධාන විසිනි. ඒ අනුව ක්‍රියාතමක වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන සහ රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානින් වෙත චක්‍රලේඛයක්ය යවමින්, ප්‍රකාශිත පළාත්පාලන මැතිවරණය අවසාන වන පෙබරවාරි 10 දින සවස 4.00 වනතෙක් එවැනි කිසිදු ප්‍රකාශයක් රජයේ හෝ වෙනත් මාධ්‍යයකින් විකාශය කිරීම වැළකිය යුතු බවට නියෝග කර තිබිණි.
පහත පළ වන්නේ එම නියෝගයයි.