தமிழ்
English
Contact
Thursday 15th February 2018    
පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල රාත්‍රි 9.00 වනවිට නිකුත් වේ - මැතිවරණ කොමිසම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල රාත්‍රි 9.00 වනවිට නිකුත් වේ – මැතිවරණ කොමිසම



රාත්‍රි 9.00 වන විට පළාත් පාලන ආයතන මට්ටමේ පළමු ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු අැතැයි මැතිවරණ කොමිසම  නිවේදනය කරයි.

ඒම නිවේදනය අනුව ප්‍රතිඵල නිකුත් කිරීම අවස්ථා ෙදකකින් සිදුවනු අැත. ඡන්ද කොට්ඨාස මට්ටමේ ප්‍රතිඵලය ගණන් කරන කොට්ඨාස මධ්‍යස්ථානයේදීත්, පළාත් පාලන ආයතනවල ප්‍රතිඵලය මැතිවරණ කොමිසම සනාථ කිරීමෙන් පසුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි විසිනුත් ප්‍රකාශයට පත් කරන බවද කොමිසමේ නිවේදනෙය් සඳහන්ය. අවසන් ඡන්ද ප්‍රතිඵලය හෙට(11) ඉරිදා මධ්‍යහ්නය වන විට ප්‍රකාශයට පත් කිරීමට හැකි වෙතැයිද මැතිරවණ කොමිසම තවදුරටත් පවසයි. අද දින පළාත්පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්දදායකයන් 1,570,806 දෙනෙක් මෙවර සුදුසුකම් ලබා සිටි අතර පළාත් පාලන ආයතන 340ක සභික ධුර 8,325 දෙනකු තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 13420දී ඡන්ද විමසීම පැවැත්විණි. මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 340ක සභික ධුර 8325 ක් සඳහා අපේක්ෂකයන් 57095 දෙනෙක් මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටිති.
දේශපාලන පක්ෂ 43කින් හා ස්වාධීන කණ්ඩායම් 222කින් මෙම අපේක්ෂකයෝ මැතිවරණයට ඉදිරිපත් වෙති. ඡන්ද විමසීම මැතිවරණ කොට්ඨාස 4903ක පැවැති අතර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6823දී  අද දින සවස 4.00න් පසු ඡන්දය ගණන් කිරීම ඇරඹෙනු අැත. මෙවර මැතිවරණයේදී ඡන්ද ‍පොළේදීම ඡන්දය ගණන් කරන බැවින් නිලධාරීන් 173383ක් මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටිති.