Posted on 08.24.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 500ක මුදලක් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වෙන් කිරීම හේතුවෙන් රජයේ රෝහල්වල සැපයුම් බිද වැටීමේ අවදානමක් ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන ලදි.
අද(24) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය මේ බව ප්‍රකාශ කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස රජයේ රෝහල් සඳහා වෙන් කර තිබු මෙම මුදල නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලබා දීම හේතුවෙන් රජයේ රෝහල් වල රෝගීන්ට කෑම ලබා දීම, රසායනාගාර සඳහා අවශ්‍ය රාසයනික ද්‍රව්‍ය සපයා ගැනීම මෙන්ම විදුලිය සහ ජල බිල් පත් ගෙවීම් ආදී සැපයුම් සේවා මේ හේතුවෙන් දැඩි අවදානමක ලක්ව ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන ලදි.
පසුගියදා මෙම මුදල් ලබා දීම පිලිබඳ වාර්තා වී තිබු අතර මහා භාණ්ඩාගාරයෙන් මෙම මුදල් සෞඛ්‍ය අමාත්‍යංශය සතු ආයතන වල සැපයුම් සඳහා වෙන් කර තිබු බවත් එම මුදල පදනම් විරහිත ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහලට මුළුමනින්ම ලබා දී ඇති බවත් හෙළිදරවු වී තිබුණි.