Posted on 01.08.2018 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මන්නාරම මහරෝහලට ප්‍රසව හා නාරි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් අද(08) දින ගැබිණි මව්වරුන් පිරිසක් එම රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත විය.
මන්නාරම මහරෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩි වී මව්රුන් මෙලෙස විරෝධතාවයේ නියැළුණි.
මෙම රෝහල සඳහා මාස 5ක පමණ කාලයක සිට ප්‍රසව හා නාරි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් එම රෝහල වෙත පැමිණෙන විශාල ගැබිණි මව්වරුන් පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වීම හේතුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
රටපුරා මාධ්‍ය සංදර්ශන කරමින් ජනතා මුදල් විනාශ කරමින් සිටින ආණ්ඩු අවම වශයෙන් හෝ අත්‍යාවශ්‍ය සේවාවන් පවා ජනතාවට ලබා දීමට කටයුතු නොකරන බව මෙවන් සිදුවීම් හරහා වඩාත් හොදින් තහවුරුවනු ඇත.