தமிழ்
English
Contact
Monday 12th March 2018    
පොලිතීන් තහනම හේතුවෙන් බත් පාර්සලයේ මිල රු: 10කින් ඉහලට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිතීන් තහනම හේතුවෙන් බත් පාර්සලයේ මිල රු: 10කින් ඉහලට



අද(01) සිට ක්‍රියාත්මක වන පොලිතීන් තහනම හේතුවෙන් බත් පාර්සලයක මිල රුපියල් 10.00කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව පවසයි.

ඒ අනුව හෙට(02) දිනයේ සිට මෙම මිල වැඩිකිරීම කිරීම ක්‍රියාත්මක වන බවත්, ඉදිරියේදී රැස්වී පොලිතීන් භාවිත කරන අනෙකුත් ආහාර පාන වල මිල ඉහළ දැමීම් පිලිබඳ තීරණය කරන බවත් එම සංගමය මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

පොලිතීන් නිෂ්පාදනය කිරීම සහ භාවිතය මෙම නීතිය මඟින් තහනම් කර ඇති අතර එය උල්ලංගනය කරන පුද්ගලයෙකු රුපියල් 10,000ක දඩයමකට යටත් වන බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම සංශෝධනය පරිසරික ප්‍රශ්නයක් පදනම් කරගනිමින් සිදු කලද මෙම තහනමට අදාළ විකල්ප නිෂ්පාදන හදුන්වා දීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිඳු ප්‍රමාණවත් මැදිහත් වීමක් කර නොමැති බව පැහැදිලිව පෙනෙන්නට ඇත. ඒ හේතුවෙන් පාර්ශව ගණනාවක් දැඩි අපහසුතාවයකට පත් ව ඇති අතර සම්ප්‍රදායික ලෙසම මේ හරහා ද අවසාන වශයෙන් වැඩකරන ජනතාව පීඩාවට පත්වෙමින් ඇත.