தமிழ்
English
Contact
Saturday 7th April 2018    
නීති කැඩූ නිසා සයිටම් විරෝධී පාගමනේ ප්‍රධානින් අල්ලනවා! - පොලිස් මාධ්‍ය ප්‍රකාශක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නීති කැඩූ නිසා සයිටම් විරෝධී පාගමනේ ප්‍රධානින් අල්ලනවා! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක



‘අධිකරණ නීති සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින්’ ඉකුත් (25) වැනි දින  සරසවි සිසුන් පැවැත් වූ විරෝධතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් ප්‍රකාශකරයි.

මෙම කරුණු සම්බන්ධයෙන්  නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධියේ සැකකරුවන් හදුනාගැනීමට විරෝධතාව  සම්බන්ධයෙන්   විද්‍යුත් මාධ්‍ය ආයතනවල විකාශනය  වු දර්ශන ලබා ගැනීමට  මහේස්ත‍්‍රාත්වරයාගේ අවසරය  ලබා ගත් බවද එම වීඩියෝ දර්ශන ලබාගෙන ඒ අනුව ප‍්‍රධාන සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ජනවාරි 25 වැනිදා විරෝධතා පාගමන සංවිධානය කිරිමේදී ශිෂ්‍යයන්ට කොළඹ බලා පැමිණීමට වෙන්කළ බස්රථවලට තර්ජනය කරමින් විවිධ බාධා කිරිම් ඒ් ඒ් විශ්ව විද්‍යාල අාශ්‍රිත පොලිසි මගින් සිදුකළ බව ශිෂ්‍ය සංගම් විසින් ප්‍රකාශ කරන ලදී. ඒදින පාගමන මැතිවරණ නීතිවලට පටහැනි බව පවසමින් අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගන්නටද අාණ්ඩුව වෙනුවෙන් පොලිසිය කටයුතු කර තිබිණි. කෙසේෙවතත් විරෝධය දැක්වීමේදී ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය තමන් භාවිත කරන බවද ඒය නොසළකා පෙලාිසිය ඉල්ලා සිටින සියලු තහනම් නියෝග අධිකරණය විසින් ලබා දෙන්නේ නම් ඒම නියෝග ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවද ජනවාරි 25 වැනිදා පාගමන සංවිධානය කල ශිෂ්‍ය නායකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී. මතයක් දැරීම හා විරුද්ධත්වය ප්‍රකාශ කිරිම මැතිවරණ නිතියට වඩා ඉහළින් අැති වයවස්ථාව මගින් ප්‍රකාශිත මූලික අයිතියක් බව අධිකරණය විසින් සලකා බලා තිබුණේ නැත. ඒසේම පොලිසිය විසින් තහනමක් ඉල්ලා සිටින විට ඒම තහනම බලපාන කාර්යයන් සම්බන්ධ පාර්ශ්වයන්ට සිය අදහස ප්‍රකාශ කිරීමටද කාලයක් හෝ අවස්ථාවක් ලබා දෙන්නේ නැත. මේ අතර අාණ්ඩුව විසින් සයිටම් අර්බුදය සම්බන්ධව ලබාදුන් පොරොන්දු කඩකරමින් කටයුතු කරන තත්වයක් තුළ ශිෂ්‍ය ව්‍යාපාරයට සටන් කිරීම හැර විකල්පයක් ඉතිරිකර නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ජනාධිපතිවරයා අමතමින් ලිපියක් යවා අැත.