Posted on 02.22.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අර්බුදයට තුඩු දුන් සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමු කිරීමෙන් එම ගැටලුව විසඳිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යා ලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද(22) මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.
පසුගිය වසර අග සයිටම් අහෝසි කරන බවට නියෝජ්ය් ඇමති හර්ෂ ද සිල්වා විසින් පෙරොන්දු ඉටුකරමින් ගැසට් පත්‍රයක් නිකුත් නොකළ බව පෙන්වා දෙන අ.වි.ශි.බ.ම. වැඩබලන කැඳවුම්කරු, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමෙන් පීඩාවට පත් වූ සයිටම් ශිෂ්‍යයන්ට සාධාරණය ඉටු නොවන බව පවසයි.
ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් කැදවා තිබිණි. එහිදී සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන 1000ක පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා මෙසේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාෂලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සිදු කිරීමට තීරණයට කර ඇත. එහිදී හර්ෂ ද සිල්වා කමිටුව විසින් ශිෂ්‍යයන්ට හා මව්පියන්ට දුන් පොරොන්දුව හා ප්‍රකාශයට පත්කළ විසදුම අවධානයට නොගැනීම විශේෂත්වයකි. එපමණක් නොව යහපාලනය ගෙන එන්නට ශපථ කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මින් පෙර කිසිවක් නොවූ ආකාරයට මෙවැනි රැස්වීමක් කැදවා අත්තනෝමතික ක්‍රියාමාර්ග ගැනීමද ශිෂ්‍ය නායකයන්ගේ පිළිකුළ ප්‍රකාශ කෙරිණි.
ආණ්ඩුව විසින් මර්දනකාරී පියවර ගනිමින් අ.වි.ශි.බ.ම. කැදවුම්කරු සිරගත කිරීමේ තත්වය නිසා වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ අද(22) පැවති ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ සයිටම් ගැටලුව විසදීමට නම් එම ආයතනය සම්පූර්ණයෙන් අහෝසි කර වෛද්‍ය අධ්‍යාපනයට අවම සුදුසුකම් දක්වා ඇති සයිටම් සිසුන් පාඨමාලා සම්පූර්ණ කිරීමට රජයේ විශ්වවිද්‍යලවල වෛද්‍ය පීඨවලට යොමු කළ යුතු බවයි. ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරන්නේ එක් දිනක එක් විසදුමක් ප්‍රකාශයට පත්කර වෙනත් දෙයක් ක්‍රියාත්මක කිරීම බවත් සයිටම් ගැටලුවට විසදුමක් දෙන්නට ආණ්ඩුවේ නායකයන්ට අවංක අරමුණක් නැති බව වරින් වර පොරොන්දු කඩ කරමින් වෙනත් අත්තනෝමතික තීරණ ගැනීමෙන පැහැදිලි වන බව අ.වි.ශි.බ.ම. වැඩබලන කැඳවුම්කරු පෙන්වා දෙයි. වසර ගණනාවක් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලය හමුවේ කිසිවක් නොකර ඉන්නට බැරි තත්වයට ආණ්ඩුව පත්ව ඇති නමුත් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, නිදහස් අධ්‍යාපන අයිතිය සහ නිදහස් සෞඛ්‍ය අයිතිය ආරක්ෂා කරන්නට සමස්ත ජනතා බලවේග සමග ශිෂ්‍ය ව්‍යාපාරය දිගටම සටන් වදින බව ඔවුහු අවධාරණය කළහ.
විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍ය පීඨ ආචාර්යවරු, සමාජ ක්‍රියාකාරින්, දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍යයන් හා මව්පියන් එක්ව නගන හඩ අමතක කරමින් ආණ්ඩුව ලාභ ලබන අරමුණින් ක්‍රියාකරන ධනපතියන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක කටයුතු කරන බව එහිදී ශිෂ්‍ය ක්‍රියාකාරිහු ආණ්ඩුවට චෝදනා කළහ.