தமிழ்
English
Contact
Tuesday 13th February 2018    
උමාඔය විනාශය පිළිබද ජනාධිපති දෙන බව කී සාකච්ඡාව මාස තුනක් ප්‍රමාදයි ! - සමන්ත විද්‍යාරත්න | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උමාඔය විනාශය පිළිබද ජනාධිපති දෙන බව කී සාකච්ඡාව මාස තුනක් ප්‍රමාදයි ! – සමන්ත විද්‍යාරත්න



උමාඔය ව්‍යාපෘතියේ විනාශය පිළිබද ජනාධිපතිවරයා විසින් දෙන බව කී සාකච්ඡාව මාස තුනකට පසුවද නොදුන් බව උමා ඔය බහුවිනාශකාරි ව්‍යපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න පවසයි.

උමාඔය බහුවිනාශකාරි ව්‍යපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් 06වැනි දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පාගමනින් ගිය උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව විසින් ආණ්ඩුකාරවරයා සමග මාකච්ඡාි පවත්වා ඇත.  සාකච්ඡාවේදී කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න අවධාරණය කර ඇත්තේ උමාඔය ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දුන් නමුත් එහිදී එළඹි තීරණ ගැන සමාලෝචනය කිරීම සඳහා මාස තුනකට වරක් ලබාදීමට පොරොන්දු වූ සාකච්චා මෙතෙක් ලබා නොදුන් බවය. ඒ නිසා සාකච්ඡාවක් ලබා දෙන්නට කටයුතු කරන ලෙස ඔහු ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇත.

උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවු නිවාස හා වගාහානි වෙනුවෙන් මෙතෙක් සාධාරණ වන්දියක් ලබානොදීමට එරෙහිව බදුල්ල මහාධිකරණයේදී ගොනු කර තිබූ නඩුව ඊයේ කැඳවා තිබිණි.