தமிழ்
English
Contact
Tuesday 19th December 2017    
උමා ඔය විනාශයට එරෙහිව බන්ඩාරවෙලදී විරෝධයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උමා ඔය විනාශයට එරෙහිව බන්ඩාරවෙලදී විරෝධයක්!



උමා ඔය ව්‍යාපාරය නිසා පීඩාවට පත් ජනයා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුනේ පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුනු විරෝධතාවක් අද (28) බණ්ඩාරවෙල, නගරයේ පැවැත්විණි.

බණ්ඩාරවෙල හර්තාල් ව්‍යාපාරයට සහාය දක්වමින් එකතු වූ පිරිස බිදුණුවැව, තන්තිරිය, රෝහල අසල සිට පෙළපාලියක ගමන් කළහ. මේ වනවිට බණ්ඩාරවෙල නගරය පුරා කළු කොඩි දමා බණ්ඩාරවෙල ව්‍යාපාරිකයන්, තොග වෙළදුන්, පුද්ගලික බස් රථ හිමියන් මෙම විරෝදතාවයට සහාය පළ කරයි.

උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රතිඵල ලෙස හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වලක්වා ගැනීම, උමගේ ඉදිරි කැනීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සදහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සදහා රජයේ අවධානය දිනා ගැනීම පිනිස මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

Save

Save