Posted on 01.11.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය වසර ගණනාවක් බණ්ඩාරවෙල අවට ගම්මාන රැසකට අාපදා තත්වයන් අැතිකළ උමා ඔය බහුකාර්ය ව්‍යාපාරය කඩිනම් කළ යුතු බවට ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන විසින් නියෝගයක් නිකුත් කර අැත.
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අාරම්බ කළ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා ස්වභාවික ජල උල්පත් හා ජලමාර්ග සිදී යාම, නිවාස විනාශ වීම අැතුලු ගැටලු ගණනාවක් අැතිවීම නිසා ප්‍රදේශවාසී ජනතාව ඒක්ව විරෝධතා සංවිධානය කළද රාජපක්ෂ අාණ්ඩුව හෝ වත්මන් අාණ්ඩුව ඊට විසදුම් දෙන්නට අසමත් විය. ප්‍රදේශවාසී විරෝදතාකරුවන් සමග ඒක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න විසින් ඒම විරෝධතා ඉදිරියට ගෙන යමින් මැදිහත්වීමක් කරණ ලදී. ඉන්පසුව ජනාධිපතිවරයා සමග සාකච්චා කරන්නටද ඔහු විසින් ජනතා නියෝජිතයන් කැදවා ගෙන යනු ලැබිණි. පසුගිය කාලයේ මැතිවරණ උනුසුමත් සමග විරෝධතා යටපත් විය. අවසානයේ ඒසේ විරෝධය දැක්වූවන් අැතුළත්ව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ස්වාධීන කන්ඩායමක් පළාත්පාලන මැතිවරණයට තරග කරන්නට පිරිසක් නාම යොජනා දෙනු ලැබිණි.
කෙසේෙවතත් පළාත්පාලන මැතිවරණයට පෙරාතුව උමා ඔය වයාපෘති කටයුතු අවසන් කරන්නට කටයුතු කරන ෙලස පසුගියදා මහවැලි හා පරිසර අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී නිලධාරින්ට නියම කර තිබිණි.