Posted on 08.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කුරුණෑගල දුම්රිය ස්ථානයට අයත් රක්ෂිත ඉඩමක් රථ ගාලක් පවත්වාගෙන යාම සඳහා පරිභාහිර පාර්ශවයකට ලබා දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ ගාණනක පාඩුවක් සිදු වී ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට අදාළ ඉඩමේ මෙම රථගාල පවත්වාගෙන යන බවත් ඒ සඳහා එම බදු වශයෙන් රුපියල් 30,000ක මුදලක් පමණක් අය කර ගන්නා බවත් දුම්රිය මාර්ග නඩත්තු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර තබාගන්නා අංගණය ද එම පුද්ගලයා විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බවත් මෙම බදු කොන්දේසි පවා උල්ලංඝණය කරමින් අවිධිමත්ව එම රක්ෂිත ඉඩම පරිහරණය කිරීම සම්බන්ධව පාලනාධිකාරිය දැණුවත් කලද එයට එරෙහිව මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් එම සමිති සන්ධානය පවසන ලදි.