தமிழ்
English
Contact
Friday 23rd March 2018    
රාජපක්ෂලාගේ වංචා දූෂණ හෙළි කර ගන්න අාණ්ඩුවට තවමත් බැරි වෙලා - සරත් ෆොන්සේකා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජපක්ෂලාගේ වංචා දූෂණ හෙළි කර ගන්න අාණ්ඩුවට තවමත් බැරි වෙලා – සරත් ෆොන්සේකා



රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේ සිටි ඇතැම් දූෂිත දේශපාලඥයන්ට අදාළ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක නොවිම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින බව සරත් ෆොන්සේකා අැමතිවරයා පවසයි.

මේ බව සිහිපත් කරමින් ඔහු පවසන්නේ ආණ්ඩු කාලය අවසන්වීමට ප්රශථම අදාළ දූෂිතයින් හට දඩුවම් ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බවයි. ඊයේ මාකොළ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් සරත් ෆොන්සේකා මේ බව කියා සිටියේය. 2015 වසරේ බලයට පත් වන විට අාණ්ඩුව විසින් දුන් ප්ර ධාන පොරොන්දුවක් වූයේ දූෂිතයන් හෙළිදරව් කර ඔවුන්ට දඩුවම් දෙන බවයි. ඒ් වෙනුවෙන්ම යාන්තුණයක් සකස් කරන ලද අතර ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ අාණ්ඩුවේ තීරක කේන්ද්‍රයක් ලෙස සැළකෙන ජාතික විධායක සභාව තුළ අසුන් ගෙන ඒ් වෙනුවෙන් අාණ්ඩුවට මහත් සහයෝගයක් දෙන ලදී. ඒහෙත් සරත් ෙෆාන්සේකා ගැටලුවක් ලෙස පවසන්නේ වසර තුනක් තුළ අාණ්ඩුව කිසිවක් කර නැති බවයි. වරින් වර දූෂිතයන්ට ඒරෙහිව ජනමාධ්‍යයන්ට ප්‍රකාශ නිකුත් කළ ප්‍රමුඛයකු ලෙස ඔහු සිටියේය. කෙසේෙවතත් ඔහුටද තම අාණ්ඩුවේ අඩුපාඩුව සිහිපත්ව අැත්තේ පළාත්පාලන මැතිවරණයක් පැමිනි පසු බව පෙනී යයි.