தமிழ்
English
Contact
Friday 23rd March 2018    
ගුවන් සේවාවන්වල දූෂණ ගැන ෙහායන්න තවත් ජනාධිපති කොමිසමක් පත්කරනවා - ජනාධිපති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුවන් සේවාවන්වල දූෂණ ගැන ෙහායන්න තවත් ජනාධිපති කොමිසමක් පත්කරනවා – ජනාධිපති කියයි



ශී‍්‍ර ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන්වල සිදු වූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමක් පත්කර පරීක්ෂණ පවත්වන බවද වංචාවට දූෂණයට හා අක‍්‍රමිකතාවයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පවසයි.

ගුවන් සේවාවල සිදු වූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමක් ලබන ජනවාරි මස මුල සතියේ පත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ 24පෙරවරුවේ කඩුවෙල සති පොළ භූමියේ පැවති ජන හමුවක් අමතමිනි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි රාජ්‍ය ආයතනවලට රුපියල් බිලියන ගණනින් පාඩු කිරීම සම්බන්ධව සොයා බැලීම පිණිස 2015 ජනාධිතිවරණයෙන් පසුව නීතිඥ ජේසී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුවේ වාර්තාව 2015 අප්‍රේල් මාසයේ අගමැති රනිල් වික්‍රමසිංහට ලබාදී අැති නමුත් මේ දක්වා එහි කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කර නැත. සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර තිබේ.

එවකට ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහය. ඔහුට මෙන්ම ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිල චන්ද්‍රසේන යන අයටද  වංචා හා දූෂණ චෝදනා ඒල්ල කර තිබිණ.