தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
ජනාධිපති ලේකම් සමග සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය දිගටම ! « Lanka Views | Views of the truth

ජනාධිපති ලේකම් සමග සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය දිගටම !



ජනාධිපති ලේකම්වරයා සමග අද(8) පැවති සාකච්ඡාවලදීද විසදුමක් නොමැති නිසා ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගෙනයන වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් සංගමය පෙරේදා(6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළේ දුම්රිය රියදුරු සහායක බඳවාගැනීම් ගැටලුවක් මුල් කරගනිමිනි. කෙසේවෙතත් අද පෙරවරුවේ ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී දුම්රිය රියදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටියේ පවතින ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් පමණක් සාර්ථක බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. මේ අතර දුම්රිය පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති 12ක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කලේ වැටුප් විෂමතා ගැටලුවක් මුල්කරගනිමින්.
වැටුප් විෂමතා ගැටලුවට මෙතෙක් විසදුම් ලබා නොදීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බව ඔවුහු පවසති.