Posted on 12.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාළඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව පැන නැගුණූ දැවැන්ත ජනතා විරෝධය හමුවේ එය අහෝසි කරන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව කඩමින් ‘ස්ලිට්‘ ආයතනයට අනුබද්ධව සයිටම් ආයතනය නැවත පවත්වාගෙන යාමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව විසින් දියත්කර ඇත.
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් ඊයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ සයිටම් වෛද්‍ය අධ්‍යාපනය ලැබු සිසුන් වෙනුවෙන් ස්ලිට් ආයතනයට අනුබද්ධ ආයතනයක ඔවුන්ට සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරිමට අවස්ථාව ලැබෙන බවයි. එහෙත් හර්ෂ ද සිල්වා කමිටුව විසින් සයිටම් විරෝධතා විසදන්නට ගෙනදුන් පොනේදුව වූයේ දෙසැම්බර් 31 වැනිදා සිට සයිටම් ආයතනය අහෝසිවන අතර වෙනත් ආකාරයකින් එය නැවත ආරම්භ නොවන බවයි. මේ හා සමාන්තරව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ වෛද්‍ය ශිෂ්‍ය මවුපියන් ගෙනගිය විරෝධතා අවසන් කෙරුණේ ඒ පිළිබද ආණ්ඩුව වෙනුවෙන් හර්ෂ ද සිල්වා කමිටුව විසින් ලිඛිතව පොරොන්දුවක් ලබා දුන් නිසාය. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ප්‍රකාශ කරනු ලැබුවේ සයිටම් ශිෂ්‍යයන්ට අලුතින් ආරම්භ කරන බවට ආණ්ඩු ප්‍රකාශ කළ සබරගමු, වයඹ හෝ මොරටුව වෛද්‍ය පීඨයකදී සිය වෛද්‍ය අධ්‍යාපනය සම්බපූර්ණ කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවය. එහෙත් ආණ්ඩුව දැන් උථ්සාහ කරන්නේ එම සයිටම් ශිෂ්‍යයන්ද බිල්ලට දෙමින් අධ්‍යාපනය විකිණීම පිණිස සැලසුම් සාර්ථක කරගැනීමේ සිය අරමුණු ඉටුකර ගැනීමටය.



