தமிழ்
English
Contact
Friday 6th April 2018    
මැතිවරණ දේශපාලනයෙන් බහුජන දේශපාලන අරගල යටපත් කිරීම වැළැක්විය යුතුය - සුමනසිරි ලියනගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ දේශපාලනයෙන් බහුජන දේශපාලන අරගල යටපත් කිරීම වැළැක්විය යුතුය – සුමනසිරි ලියනගේ



මැතිවරණ කාලය තුල වෘත්තිය සමිති ක්‍රියාකාරිත්වය නවතා සිටිය යුතු බව අවධාරණය කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ මැතිවරණ නිසා බහුජන දේශපාලන සටන් නවතාගෙන සිටිය යුතු බව වුවද ඒසේ සටන් නතර කිරිමට දේශපාලන බලවේග යටත් නොවිය යුතු බව වාමාංශික විද්වතකු, විචාරකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන මහාචර්ය සුමනසිරි ලියනගේ පවසයි.
පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා විසින් කළ අදහස් දැක්විමකට ප්‍රතිචාර ලෙස සුමනසිරි ලියනගේ මහාචාර්යවරයා මේ අදහස් දක්වා අැත.

ඔහු සිය ප්‍රතිචාරය දක්වා අැත්තේ සිය මුහුනු පොත් පිටුව මත සටහනක් තබමිනි. ඔහු සිය සටහන තුළ ප්‍රකාශ කළ සම්පූර්ණ අදහස මෙසේය.

“මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පුන පුනා කියන්නේ ෆෙබරවාරි 10 වෙනිදා වනතුරු වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමෙන් වලකින ලෙසය. මා මීට පෙර ලියූ සටහනක් මතක් කළහොත් මේ කියන්නේ පාර්ලිමේන්තු දේශපාලනයට (parliamentary politics) බහුජන දේශපාලනය (mass politics) යටපත් කරන ලෙසය. අප මෙතෙක් කළ දේ ද එයමය. යහපාලනයේ වසර තුනකට පසු එක් හොද දෙයක් වී ඇත. එනම් මෙරට බහුජන ව්‍යාපාර තවදුරටත් තම දේශපාලන අඩවිය පාර්ලිමේන්තු දේශපාලනයට යටපත් කිරීමට ලෑස්ති නැති බවය. එපමණක් නොවේ. පාර්ලිමේන්තු දේශපාලනයේ සිදුවන දේ, එනම් මේ ඡන්දයෙන් කවුරු දිනයි ද කවුරු දිනිය යුතු ද යන්න, තඹ සතයකටවත් ගණන් නොගෙන වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන, ධීවර සංගම් සහ ගොවි සංගම් තම වෘත්තිය සහ ආංශික ප්‍රශ්න පමණක් නොව ජාතික ප්‍රශ්න අරබයා සටන් වදිති. පුංචි ඡන්දයේ තරගකාර පක්ෂ ගම කේන්ද්‍රකරගෙන තම ඡන්ද ව්‍යාපාරය ගෙනයන විට ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්න මතු කරන්නේ බහුජන දේශපාලන අඩවිය තුළය. පාර්ලිමේන්තු දේශපාලනය යටකොට බහුජන දේශපාලනය මතුවන සහ ශක්තිමත්වන තරමටය සාධාරණය, සමතාවය, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ධනය යන දේ ආරක්ෂා කරගත හැක්කේ. කළ යුත්තේ බහුජන දේශපාලනයට පාර්ලිමේන්තු දේශපාලනය යටත් කිරීමය. මැතිවරණය වෙනුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග අවම නොකළ යුතුවා පමණක් නොව ඒවා තවදුරටත් වැඩි දියුණු කළ යුතුය.”

උපුටාගැනීම – https://www.facebook.com/sumanasiri.liyanage