Posted on 02.08.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තම වෘත්තිය අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රධාන ඉල්ලීම් තුනක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමය තීරණය කර අැත.
විකිරණ තාක්ෂණවේදීන්ගේ රාජකාරි වෙනත් පුද්ගලයින්ට පැවරීම, විකිරණ තාක්ෂණවේදීන්ට හිමි ශිෂ්‍යත්ව වෙනත් අයට ලබාදීම සහ අමතර සේවා ගෙවීමේදී ඇතිවී තිබෙන ප්‍රශ්න විසදා දෙන ලෙස අමාත්‍යංශ මට්ටමින් සාකච්චා සිදුකලද මෙතෙක් ඒවාට විසදුම් නොලැබීම හේතුවෙන් මෙසේ වර්ජනය කරන බවට ඔවුහු පවසති. සංකේත වැඩවර්ජනයෙන් පසුවද ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් පෙබරවාරි 15 පසුව සියලු සේවාවන් වලින් ඉවත්වන බවට තීරණයක් ගෙන ඇති බවද ඔවුහු අාණ්ඩුවට අනතුරු අගවති.