Posted on 08.20.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලට යවන ලද මිලියන 500ක මුදල මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන ඇත්තේ සැපයුම්කරුවන්ට ගෙවීම සදහා බව රාවය පුවත්පත වාර්තා කරයි.
සැපයුම්කරුවන්ට ගෙවීමට අතිවිශාල හිගයක් ඇතිව තිබියදී භාණ්ඩාගාරයෙන් නිකුත් කළ මිලියන 500ක් නෙවිල් ප්‍රනාන්දු රෝහල් කටයුතු සැපිරිමට නිකුත් කර ඇති බව හෙළිව ඇත. රාජපක්ෂ ආණ්ඩුව සමයේ මිලියන 600ක බැංකු ණයක් ලබාදී ඇත්තේද නියමිත ක්‍රමවේදයට නොවන බවට චෝදනා නැගී තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අවශ්‍යතාවන්ට සපයන මහජන අරමුදල් නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලබාදීම නිසැකවම දූෂණයකි. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බවට මහජන මුදලින් දැවැන්ත ප්‍රචාරයක් ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ සැපයුම්කරුවන්ගේ ගෙවිම් සදහා අනුමත අරමුදල් රෝහලට ලබාදීම පිළිබද වගකිවයුතුව ඇත.