தமிழ்
English
Contact
Friday 26th January 2018    
විජයදාසට අමාත්‍යධූරය අහිමි කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විජයදාසට අමාත්‍යධූරය අහිමි කෙරේ



අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂව අධිකරණ අමාත්‍යධූරයෙන් පමණක් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පැවසේ. ඒ අනුව ඉදිරියේදී බුද්ධ ශාසන අමාත්‍යංශය පමණක් ඔහුට හිමි වනු ඇති.

පසුගියදා විජයදාස රාජපක්ෂ පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බව පවසා ඔහුට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපතවු යෝජනාව සම්මත වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර තිබුණි. ඒ අනුව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ කම්කරු රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර යන අයගේ වාර්තාව එළඹෙන සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත භාරදීමට නියමිතය.

චීනය සමඟ ගිවිසුමට එළඹීමෙන් දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව එකවරම විජයදාස රාජපක්ෂ විසින් හම්බන්තොට වරාය නැවත පවරාගත යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්වය නිරාවරණය වීම ආරම්භ වූ අතර පසුව එක්සත් ජාතික පක්ෂය විසින් අධිකරණ ක්‍රියාවලිය සහ පසුගිය ආණ්ඩුවේ හොරුන්ට දඩුවම් ලබා දීමේ ප්‍රමාධය පිළිබඳව ඔහුට චෝදනා කරන ලදි. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන්ද අවස්තා කිහිපයකදීම අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ නිකුත් විය.

කෙසේ වෙතත් විජයදාස රාජපක්ෂ මෙම තත්වය සම්බධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය අමාත්‍යධූරයෙන් ඉවත්ව කටයුතු කිරීමට සැරසෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.