Posted on 02.26.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදුහල්පතිනියක් දණගැස්වූ බවට චෝදනා ලැබූ ඌව පළාත් ප්‍රධාන අැමති චාමර සම්පත් දසනායක, ඔහු විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ආර්. භවානිගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් සදහා එන්තරවාසියක් යවා ඇත.
තමන් විසින් විදුහල්පතිනිය දනගැස්තවූ බවට ප්‍රසිද්ධයේ පවසා තම කීර්ති නාමයට හානිකිරීම වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා මෙලෙස එන්තර වාසියක් යොමු කළ බව ප්‍රධාන අමාත්‍යවරයා පවසයි. ප්‍රධාන අැමතිවරයා විසින් අදාළ විදුහල්පතිනිය දණ ගැස්වූ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ විමර්ශනයක් ද සිදුවන අතර මෙවැනි එන්තරවාසියක් යැවීමෙන් විමර්ශනවලට බාධාවක් සිදුවන බව විදුහල්පතිනියගේ පාර්ශ්වයේ නිතිඥයෝ පවසති.