Posted on 02.17.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්කිරීමේදී කාන්තා නියෝජනය 25% බවට පත්කිරීම අනිවාර්ය කිරීම සම්බන්ධව ඇතිවී තිබෙන තත්වය වෙනස් කිරීමට පළාත්පාලන පනත් සංශෝධනයක් යෝජනා වුවද එයද ගැටලුවක් වී ඇත.
මෙවර පැවති මැතිවරණය තුළ කාන්තා නියෝජනය 25% බවට පත්ව නැති අතර ඒ සදහා 25% නියෝජනය වන සේ පත් කිරීම් කරන්නට නම් පුරුෂ සභිකයන් ඉල්ලා අස් විය යුතුව ඇත. එහිදී වුවද පතත් කරන්නට සිදු වන්නේ මැතිවරණයෙන් ජනතාව විසින් ඡන්දය නොදුන් පරාජිත අපේක්ෂිකාවන්ය. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට පටහැකි ආකාරයෙන් එවැනි තීරණ ක්‍රියාත්මක කිරිමටද නොහැකිය. කෙසේවුවද පැවැත්වූ මැතිවරණයක ප්‍රතිඵලයට අදාළ වන සේ පනතට සංශෝධනය සිඳුකළ නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ද පිළිගෙන ඇත.
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නව නීතියට අනුව සිඳුකළ හෙයින් ඒකී නිතිය යටතේ සභිකයන් තෝරාපත්කර යැවිය යුතුවන බවද මේ වනවිට ගැටලුවක් බවට පත්ව ඇති මේ තත්වය මගහරවාගන්නට ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදී කර ගැනීමේ හැකියාවක් තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.