Posted on 04.14.2018 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ෆේස්බුක් ග්‍රාහකයන් දශ ලක්ෂ ගණනක පුද්ගලික දත්ත තුන්වැනි පාර්ශ්වයක් වෙත ලබාදීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා සිය ෆේස්බුක් ග්‍රාහකයන්ගෙන් සමාව ඉල්ලා සිටියි.
ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ මාක් සකර්බර්ග් (Mark Zuckerberg) විසින් මෙසේ සමාව ඉල්ලා සිටින්නේ කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) සමාගම ෆේස්බුක් ග්‍රාහකයන් දශ ලක්ෂ ගණනක පුද්ගලික දත්ත රැස්කිරීමේ චෝදනාව සම්බන්ධව ඇමෙරිකානු කොංග්‍රස් කමිටුවක් හමුවේ සාක්ෂි දෙමිනි. මාක් සකර්බර්ග් අප්‍රේල් 10 මුලින්ම කමිටුව ඉදිරියේ පෙනී සිටි අතර ඔහුගෙන් පැය පහක් මුළුල්ලේ ප්‍රශ්න කරනු ලැබුණි. ඉන්පසු දිනයේදීද ඔහු සිය සාක්ෂිය පුලුල් වශයෙන් ලබා දෙමින් අනාගතයේදී එම ගැටළු විසඳීමට පියවර ගන්නා බවට ප්‍රතිඥා දුන්නේය. ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හඳුනා ගැනීම පිණිස නව මෙවලම් වර්ධනය කරමින් සිටින බව ද මාක් සකර්බර්ග් අඟහරුවාදා කොන්ග්‍රස් කමිටුව හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය.
මේ අතර සිය සමාගම සම්බන්ධයෙන් නොමඟ යවන සුළු ආකාරයේ හෝ සාවද්‍ය වාර්තා පළ කළහොත් ඒ සම්බන්ධයෙන් “දැඩි ක්‍රියාමාර්ග” ගන්නා බවට අනතුරු අඟවමින් කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම මාධ්‍ය අායතනවලට අනතුරු අගවා ඇත.