Posted on 09.04.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අම්පාර නිදහස් මාධ්‍යවේදියකු වන සාහිර් ඛාන් ෆාරුක් සැප්තැම්බර් 2වැනිදා අක්කරයිපත්තුවේ පොලිසියට අයත් පොලිස් නිලධාරින්ගේ පහරදීමකට ලක්ව ඇත.
වාර්තා කිරීමේ කාර්යකට නිවසින් බැහැර යමින් සිටියදී ඔහු නවතා මුඛ ආවරණය නිසි ලෙස පලඳා නැති බව පවසමින් පොලිස් නිලධාරින් තමන්ට පහරදුන් බවද තම මාධ්‍යවේදී උඵකරණ කඩා බැඳ දැමු බවද මාධ්‍යවේදියා පවසා ඇත. පසුව අක්කරයිපත්තුව පොලිසියේ පැය දෙකක කාලයක් ඔහු රඳවා තබා ගෙන සිට නිදහස් කර ඇත.
තමන්ට පහර දුන් නිලධාරින් පොලිසිය තුළදී තමාගෙන් සමාව ඉල්ලා සිටි බවද මාධ්‍යවේදී ෆාරුක් පවසයි.