Posted on 06.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මැයි මස 07 වැනිදා දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදුනු ධීවරයන් පිරිසකට ඉන්දිය නාවික හමුදාවේ ප්‍රහාරයක් එල්ල වී ඇත.
ධීවරයන් පවසන්නේ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් ‘සඟවා සිටින මත්ද්‍රව්‍ය ඉල්ලා’ තමන් යාත්‍රා පැය කිහිපයක් රඳවා ගෙන හිරිහැර කළ බවයි. මෙසේ ප්‍රහාරයට ලක්වූ ධීවරයෙන් රැගත් බහු දින යාත්‍රා දෙක අද(17) පස්වරුවේ දික්ඕවිට වරායට පැමිනුණි.
දරුණු ලෙස පහරකෑම්වලට ලක්ව තුවාල ලැබ සිටි ධීවරයන් තිදෙනකු මීගමුව මහ රෝහලට ඇතුළත්කර ඇත. සිද්ධියට මුහුණදුන් ධීවරයින් 13කු පවසන්නේ, පසුගිය 4 වැනිදා යාත්‍රා දෙකට ගොඩ වූ ඉන්දීය නාවික සෙබළුන් පිරිසක් තමන්ට පහරදීමෙන් පසුව යාත්‍රාවේ තිබූ පටිගත කිරීම් උපකරණ පවා කඩා දැමූ බවය.