தமிழ்
English
Contact
Thursday 30th September 2021    
මන්නාරමේ ග්‍රාම නිලධාරියෙකුට සහ ධීවරයන් පිරිසකට නාවික හමුදා නිලධාරීන් පහරදීලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මන්නාරමේ ග්‍රාම නිලධාරියෙකුට සහ ධීවරයන් පිරිසකට නාවික හමුදා නිලධාරීන් පහරදීලා



මන්නාරම පේසාලේ, වංකාලෙයිපාඩු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකුට හා ධීවරයන් පිරිසකට නාවික හමුදා සෙබළුන් කිහිපදෙනකු පහරදීමේ සිදුවීමක් වාර්තා වේ.

මෙම පහරදීම සම්බන්ධ පැමිණිල්ල බාරගැනීම ද පොලීසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තම පියා මුහුදු රැකියාවට ගොස් සැප්තැම්බර් 24 වැනි සිකුරාදා නියමිත වේලාවට නිවසට නොපැමිණිම පිළිබදව සොයා බැලීම සදහා ග්‍රාම නිලධාරියකු වන ධීවරයාගේ පුතා වංකාලෙයිපාඩු මුහුදු තීරය දෙසට ගොස් තිබේ.

එහිදී ඔහුට දැකගන්නට ලැබී ඇත්තේ බීමතින් සිටි නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙක් තම පියාට පහර දී ඇති බවයි.

ඒ ගැන ප්‍රශ්න කළ ග්‍රාම නිලධාරියා සහ සිවිල් ඇදුමින් සිටි නාවික භටයන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවෙද්දී ප්‍රදේශයේ තවත් ධීවරයන් පිරිසක් එම ස්ථානයට එක්රොක් වී තිබේ.

එහිදී එම නාවික හමුදා සාමාජිකයන් දෙදෙනා තවත් නාවික භටයන් අට දෙනක්කු එම ස්ථානයට කැදවා එහි රැස්ව සිටි ධීවරයන්ට හා ග්‍රාම නිලධාරියාට පහර දී තිබේ.

ඒ සම්බන්ධයෙන් පේසාලේ පොලිස්ථානය වෙත පහරකෑමට ලක්වු පිරිස පැමිණිලි කිරීම සදහා ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් පැමිණිල්ල භාර නොගත් බවත් පහරකෑමට ලක්වු පිරිස චෝදනා කරයි.

පහරකෑමෙන් තුවාල ලත් ධීවරයන් දෙදෙනකු පේසාලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට ඇතුලත් කර තිබේ.

(මූලාශ්‍රය – theleader.lk)