Posted on 12.17.2017 by Nishshanka in විදෙස් පුවත් with 0 Comments
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු වහාම ඉල්ලා අස්විය යුතු බව පවසමින් එරට වැසියෝ දහස් ගණනක් ටෙල් අවිව් නගරයට එක්වී විරෝධතා පවත්වමින් උද්ඝෝෂණයක නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“ක්‍රයිම් මිනිසිටර්“ ලෙස ඔහුව හදුන්වමින් මෙම විරෝධාකරුවෝ ටෙල්අවිව් නගරයේ වීදි පුරා සැරීසරමින් දින කිහිපයක සිට උද්ඝෝෂණයක නිරතව ඇති බව වාර්තාවේ.
අල්ලස් හා වංචා දූෂණවලට අනුබලදුන්නෙකු ලෙස නම් කර මින් අගමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන් සිය බිරිද හා පුතා විසින් සිදු කරන ලද ව්‍යපාරික ගණුදෙනු සදහා අගමැතිවරයාගේබලතල හා වරප්‍රසාද උපයෝගී කරගෙන අතැයි ඔවුන් චෝදනා කරති. මේ හේතුවෙන් බෙන්ජමින් නෙතනියාහු කෙරෙහි දැඩි විරෝධක් මතුව තිබේ.
මෙවැනි තත්වයක් තුල තවදුරටත් අගමැතිවරයා සිය ධූරයේ කටයුතු කළහොත් මෙම තත්වය තවත් දරුණු පැවතිය හැකි නිසා වහාම අගමැතිවරයා සියධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට උද්ඝෝෂකයෝ බල කර ඇත.