අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය අධ්‍යයන කටයුතතු කරගෙන යාමට බාධා පමුණුවමින් එහි පරිපාලනය විසින් ගෙන යන ක්‍රියාදාමයට එරෙහිව මව්පියෝ තවදුරටත් විරෝධතාවක නිරතව සිටිති.
තාක්ෂණ පීඨයේ අධ්‍යයන සුබසාධන ගැටළු පිළිබඳවත් මර්දනය පිළිබඳවත් උපකුලපතිතුමා සමඟ සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණ පීඨයේ දෙමාපියන් 2018 ඔක්තෝම්බර් 12 දින උදෑසන විශ්වවිද්‍යාලයීයට පැමිණියහ. කෙසේවෙතත් ඔවුන්ට පරිපාලනයෙන් කිසිදු පිළිතුරක් නොවූ නමුත්. දහවල් 1.00ට පමණ උපකුලපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට එකග විය. එහිදී මව්පියන් විසින් ඉදිරිලපත් කළ කොන්දේසි වූයේ මේවාය.
1)අසාධාරණ ලෙස ශිෂ්‍ය භාවය අහෝසි කළ හා පන්ති තහනම් කළ සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ලබා දීම.
2) සියළු සිසුන්ගේ විභාග අයිතිය ලබා දීම
3) අධ්‍යයන සුබසාධන ගැටළු විසදීම.
යන ඉල්ලීම් ඉදිරිපත් කළ අතර උපකුලපති වරයා දෙමාපියන් ඉදිරිපත් කළ එක් එක් ඉල්ලීම් පසුව සලකා බලනවා යැයි පවසමින් මඟහැරීමට උත්සහයක නිරත විය. පසුව දෙමාපියන් දිගින් දිගට ඉල්ලීම් කරන විට විසඳුම් ලබා දෙන බව වාචිකව පොරොන්දු විය.
දෙමාපියන් එම ඉල්ලීම් සඳහා විසඳුම් ලිඛිතව ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර මේ ලිඛිතව දිය හැකි බව පවසමින් උපකුලපතිවරයා දෙමාපියන් මඟහැරීමට උත්සාහයක නිරත වේ.
මව්පියන් සාකච්ඡාව සදහා පැමිණි 12 දින රාත්‍රි 12.45ට පසු වී ලිපියක් ලබා දී එම ලිපිය බාරගත් බට අත්සන් කරන මෙන් බල කරන ලදි. ඉංග්‍රිසියෙන් සකස් කර තිබු බැවින් දෙමාපියෝ එය ප්‍රතික්ශේප කළහ. පසුව 13 දිනයේ උදෑසන උපකුලපතිවරයා නැවත පැමිණ දෙමාපියන්ට ඉංග්‍රිසියෙන් දුන් ලිපිය බාර නොගැනීම් ගැන දොස් පැවරූ අතර දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබා දෙන තුරු අඛණ්ඩව පරිපාලනයේ රැදි සිටින බව ප්‍රකාශ කරන ලදී. පසුව ශිෂ්‍යයන්ගේ මව්පියන් පරිපාලනයේ රැදි සිටින විට පරිපාලනය අඟුල් ලෑමට උපකුලපතිවරයා නියෝග කළ අතර පරිපාලන ගොඩනැගිල්ලේ වැසිකිලි අගුලු දමා හා වතුර කපා හරින ලදි. පසුව ආරක්ෂක අංශ නිලධාරින් හා පොලිසිය ලවා බිය වැද්දීමට උත්සාහ කරමින් පිටව යන ලෙස ඔවුන්ට බල කරන ලදී.
14 දිනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දැවැන්ත උද්ඝෝෂණයකින් පැමිණ දෙමාපියන් පරිපාලනයෙන් පිටතට ගත් අතර ඔවුහු පරිපාලනය ඉදිරිපිට රැදිසිටිමින් අධ්‍යාපන අයිතිය ඉල්ලා සිටියහ. පසුව උපකුලපතිවරයා ලිපියක් ලබා දුන් අතර එහි කිසිදු ගැටළුවකට පිළිගත හැකි විසඳුම් ලබා දී නැති නිසා දෙමාපියන් එය ප්‍රතික්ශේප කරන ලදී. මේ අතරම මෙම විරෝධතාව දියාරු කිරීම සඳහා උපකුලපතිවරයා අග්නිදිග කළමනාකරණ පීඨයේ අාචාර්යවරු ලවා උද්ඝෝෂණයට සම්බන්ධ වු කළමනාකරණ පීඨ සිසුන්ට අරගලයෙන් ඉවත් වන ලෙස බලපෑම් කළේය. වෙනත් පීඨයක ගැටළුවක් සඳහා මැදිහත් නොවිය යුතු යැයි ඔවුන් දිගින් දිගට කියා සිටින නමුත් සිසුන් එක්ව අරගලය ශක්තිමත් කරමින් යුක්තිය ඉල්ලා සිටියි.