ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ විරෝධයක යෙදී සිටි සිසුන් 15දෙනා අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිසුන් 7 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
තාක්ෂණ පීඨයේ සිසුන් සිව් දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම, සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස සහ අග්නිදිග විශ්වවිද්‍යාලය අත්තනෝමතිකව දින නියමයක් නොමැතිව වසා දැමීම එරෙහිව මෙම සිසුහු දින ගණනක් පුරා අග්නිදිග පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වූහ.
අද (25) කොළඹදී පැවති අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පවසා සිටියේ උපකුලපතිවරයාගේ අනුග්‍රහය මත පැමිණි මැර කණ්ඩායමක් තමන්ට පහර දීමට උත්සාහ කළ බව සහ ඒ හරහා පොලීසිය විශ්ව විද්‍යාලය තුළට කැඳවීමට අවශ්‍ය වාතාවරණය උපකුලපතිවරයා විසින් නිර්මාණය කළ බවයි . උසස් ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අග්නිදිග විශ්ව විද්‍යාල පරිපාලනය යොදාගනිමින් අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන්ට මර්දනය මුදාහරිමින් සිටින බව ඔවුහු මෙහිදී වැඩිදුරටත් පැවසූහ.